විදුහල්පති පණිවිඩය
තංගල්ල පිරිමි ජාතික පාසල

වසර 145 ක කලක සිට දිර්ග ඉතිහාසයකට හිමිකම් කියන මෙම විදුහල හම්බන්තොට දිස්ත්‍රික්කයේ පිහිටන එකම පිරිමි විද්‍යාලය වීම විශේෂයකි.1879 වර්ෂයේදී ක්‍රිස්තුදේව විද්‍යාලයක් ලෙස ආරම්භ English මාධ්‍යයෙන් පමණක් අධ්‍යාපනය ලබා දෙමින් සිට පසුව සිංහල මාධ්‍ය පාසලක්මය බවට පරිවර්තනය විය.
1962 දී මනා පාලනයක් බවට පත්විය. එවකට මිශ්‍ර පාසලක් ලෙස තිබුණු විද්‍යාලය 1994 දී පිරිමි ජාතික පාසල බවට පත්විය.එදා මෙදා කාලය තුල දෙස් විදෙස් ලොව පතල විද්වතුන් රාශියක් දායාද කිරිඉමට සමත් වූ විද්‍යාලය වර්ත්මාන අධ්‍යාපන කටයුතු වලින් මෙන්ම විශය සමගාමී ක්‍රියාකාරකම් වලින් ද විශිෂ්ට දකෂතා දක්වන දරුවන්ගෙන් සමත් විත විම අගයකල යුත්තකිවිද්යා,ගණිත,කළා,වාණිජ හා තාක්ෂණවේදය යන විෂයදාරා සියල්ලන්ගෙන්ම සමන්විතවන උසස්පෙළ අංශ මගින් වාර්ෂිකව විශ්ව විද්‍යාල අඩයාපනය සසදහා විශාල පරිසක් යොමුකරයි.
මානව හා බොඋතික සම්පත් අතින්ද ඉතා ඉහල මට්ටමක පවතින විද්‍යාලය,තාක්ෂණික විද්යාපිට ,පරිගණක විද්‍යාගාර ඇතුලු ප්‍රෙදේශයේම දරුවන්ට පහසුකම් සපයන ස්ථානයක් බවටපත්ව ඇත.
අනාගත පරිගණක තාක්ෂණ අවශ්‍යතා සදහා දරුවන් හුරුකරවීමට දරන උත්සාහය අගය කල යුතුය. පාසලේ තොරතුරු මුළු ලෝකයටම විවර කිරීමට මෙම වෙබ් පිටුව නිර්මාණය කිරිම පැසසිය යුතුය.
ඒ සදහා ඇපකැපවූ ගුරුවරු හා දරුවන්ට ගෞරවනිය සතූතිය පුද කරමි.ඩි.එස්.එස්.දොඩම්පෙ
විදුහල්පති